එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සම්බන්ධ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට ආරම්භ වී තිබේ.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම අත්සන් තැබීම සිදුවෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
