චිනය ලංකාවේ රබර් ආශ්රිත නිදහස් වෙළඳ කලාපයක් පිහිටුවිමට යයි
චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව ශ්‍රී ලංකාව තුළ රබර් ආශ්රිත නිදහස් වෙළඳ කළාපයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් චීන රජයේ නියෙජිත පිරිසක් හ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා හා අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් අතර අද පෙරවරුවේ පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ රබර් වගාව ව්‍යාප්ත කිරීම, රබර් ආශ්රිත කර්මාන්ත කලාපයක් පිහිටුවීම හරහා ලංකාවේ රබර් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම, එමඟින් වැවිලිකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ විනිමය ඉපයීම, නව රැකියා උත්පාදනය හා රබර් නිමි භාණ්ඩ ආනයනය පාලනය ඇතුළු ප්රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හරහා වැවිලි ක්ෂේත්රයට මෙන්ම සමස්ථ රටටම ලබා දීම අරමුණ බව අමාතයාංශය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදන බව අමාත්‍ය නවින් දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.
චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang ප්‍රධාන චීන දූත පිරිසක් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

popular news
-
Champa Saturday, 12 January 2019 09:04 AM
ඔව් ඔව් ඉතුර වෙලා තියෙන හොඳම ඉඩම් ටිකත් දීපල්ලා විදේශිකයන්ටම. චීන්නුයි ඉන්දියන් කාරයොයි ලංකාවේ ඉඩම් අයිති කරගන්න දෙන ඔක්කොම ඇමවල් ගිලිනවා. රබර් ආශ්රිත කර්මාන්ත ශාලා වලින් හුඟක් පරිසර දූෂණය වෙනවා. අපේ රට චීනේ හෝ ඉන්දියාව වගේ ලොකු රටක් නෙමෙයි. ගස්වැල් සත්තු ගංගා ඇලදොළ මිනිස්සු ළඟ ළඟ ජීවත් වෙන රටක්. පරිසර දූෂණය නිසා චීනේ කර්මාන්ත වර්ග 14ක් තහනම් කරලා තියෙනව. දැන් ඒවා වෙන රටවලට අරන් එනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

