චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක හදිසි මූල්‍ය පහසුකමක්
ඇමරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය පහසුකමක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සහ චීන සංවර්ධන බැංකුව (සීඩීබී) අතර කොළඹ අරලිය ගහ මන්දිරයේදී මේ සඳහා වන ගිවිසුමට අත්සන් කළේය.
පොලී සහ සේවාකරණ කාලයේ සහන කොන්දේසි සහිතව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි වෙයි හා සීඩීබී උප සභාපති මා ෂින් මහතා මෙම අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මේ සඳහා හදිසි ඉල්ලීමක් කරන ලද අතර චීනය ඒ සඳහා කඩිනනි කටයතු කළේය.
මෙම ණය ගෙවීම සඳහා එය වසර 10 ක කල්පිරීමේ කාල පරිච්ඡේදයක් ලබාදී ඇති අතර එය ශ්‍රී ලංකාව සඳහා දීර්තම කාල පරිච්ඡේදයක් සහිත මූල්‍ය පහසුකමකි. එසේම මෙම ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් පවතී.
අරමුදල් ගලා ඒම මාර්තු අග වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මූල්‍ය කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීම සහ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වැඩි කිරීමට මේ හරහා අපේක්ෂා කෙරේ.
popular news
-
චන්ද්‍රසිරි Thursday, 19 March 2020 09:00 AM
එහෙනම් දැන් අර ඇමරිකාවට රට පාවා දෙන ගිවිසුම් තුනම අවලංගු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

