අරගලකරුවන්ට තමන්ගේ සාමකාමි අරගලය කර ගැනීමට ගැටලුවක් නොමැති බවත් කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්.
චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි.”