බොරැල්ල සහ ගලපිටමඩ සිදු වූ ඝාතන සිද්ධීන් දෙකක සැකකරුවන් තිදෙනකුට නවාතැන් පහසුකම් දී රැකවරණය දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් නවාතැන් නවාතැන් ගෙන සිටි එම නිවස තුල තිබී ගමන් බෑගයක්, කළු පැහැති සපත්තු යුගලයක් නිල් පැහැති තුවායක් , සුදු පැහැති කොට කලිසම, තොප්පියක්, ජංගම දුරකථනය, යතුරු පැදියක යතුරක් හා හැඳුනුම්පතක් පොලිස් භාරයට ගෙන ඇත.
2023 ජූලි මස 14 වැනි දින ගලපිටමඩ දුනුමාල ප්‍රදේශයේදී රථයකින් ගමන් කරමින් සිටි වේරගොඩ ආරච්චිලාගේ සරත් වේරගොඩ යන අය ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැදවීම සම්බන්ධයෙන් මෙම මස 2 දින වරකාපොල නියදුරුපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චතුවා නැමැති සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඊට අමතරව මෙම වසරේ මැයි මස 20 වැනි දින බෙල්ලෙ සීගිරිය විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තුරුළු ගෙඩියේ පැදවූ වනාතේ චුට්ටo යන සැකකරුට හා මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර නොගත් නොගත් තවත් පුද්ගලයකුට නවාතැන් පහසුකම් මෙම සැකකාර බන්ධනාගාර සැරයන්වරයා ඔහුට අයත් රාජගිරිය නාවල නාවල ඇවිනිව් හි තෙමහල් නිවසේ තෙවන මහල ලබාදී තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකාර බන්ධනාගාර සැරයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.