ගෝල්ෆේස් පහරදීමට සම්බන්ධව හිටපු ඇමතිවරු ඇතුළු 22ක් අල්ලන්න නියෝග
සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.
එම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට අමතරව කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා වැඩිදරටත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
අත්අඩංගුවටට ගන්නා ලෙස උපදෙස් දී ඇති පිරිස අතර හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම, සමාජ ක්‍රියාකාරිකයකු බව කියන ඩෑන් ප්‍රියසාද්, නමැත්තෝද වෙති
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දී ඇති උපදෙස් මොනවාදැයි කළ විමසීමකදී මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත ඇතුළු සංක්ෂප්ත තොරතුරු සමීපව සළකා බැලීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දීමට පියවර ගනු ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි
popular news
-
sg Monday, 16 May 2022 06:08 PM
This is a very important decision. In the movement, people will look for justice equally. Need to maintain the rule of the law without bias. Country people need to change the existing system, especially the rule of the law and the role of the police apart from the politician's activities. Dont give any loos approaches to these culprits otherwise they will do again same thing. This will be an example for others then they will not do the same things again in the future. Mostly, young people are asking to change the existing system. That is a sensible as well as a crucial request.
Reply : 0 0
Jagath Liyanage Tuesday, 17 May 2022 01:13 AM
ehema kohomada? jaathiya beeragaththa appachchi ath adanguwata ganna denna baa. mama ehenan galle face ekata awlla gini thiyaa gannawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

