‘ගෝඨා - රනිල් ගෝ හෝම්’ යන පොදු තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යවන දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (23දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"අද ජනතාව ඉල්ලන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදු වන්නේ නෑ. බොරුවට ජනතාව අන්දවන දේශනා වලට දිනපතා සවන් දෙන්න වෙලා තිබෙනවා. අර කමිටු, මේ කමිටු පිහිටුවලා සියලු දෙනා එකතුකර ගන්නවාලු. අවසානයේ ප්‍රසස්ත, ප්රබුද්ධ නිපුණතාවය තිබෙන කණ්ඩායම් වලට සිදුවෙලා තිබෙනවා රට විනාශ කළ මංකොල්ලකාරයෝ යටතේ මේ රට තුළ ප්‍රතිසංස්කරණ ඇති කරන්න.කොටින්ම කිව්වොත් කළු මැයි දිනයේ නිර්මාතෘවරු කිසිදු අර්බුදයක් නැතිව සැපසේ පාර්ලිමේන්තුවට එනවා. අරගලකරුවන් තොගපිටින් අත්අඩංගුවට ගන්නවා.
මේ මාසයේ 30 වැනිදා වන විට බොහෝම තීරණාත්මක අවස්ථාවක් එනවා. ඒක තමයි ණය සහ පොලිය සඳහා ලබා දුන් මොරටෝරියම් එකේ අවසාන දිනය තමයි 30 වැනිදා. අපි කියනවා මේ මොරටෝරියම් එක මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඔ්නී. ඒක ක්‍රියාත්මක වුණේ නැතිනම් කර්මාන්ත ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමක් සිදු වෙනවා.
ඉතින් ඒක ගැනවත් මේ රජය රට ගැන හිතලා තීන්දුවක් අරගෙන නෑ. අපි ගෝඨා - රනිල් ගෝ හෝම් කියන පොදු තේමාව යටතේ අපි දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒක කාටවත් පුද්ගලිකව එල්ල කරන ප්‍රහාරයක් නෙවෙයි."