ගෝඨා හා බිරිඳ චීනයට - ගුවන් තොටුපොළින් ගියේ භාණ්ඩ පර්යන්තයෙන්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (16දා) අලුයම චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
ඔවුන් අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබේ.
එහෙත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
හිටපු ජනාධිපතිවරයාට, සිය පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ( V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත්, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .
popular news
-
Deepal Nirosh Thursday, 16 February 2023 07:36 AM
ජනාධිපති තරඟයකට කියල තමන්ට තිබුණු අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර නො ගත්ත නම් අර පෙරේදා ආපු සම්භාවනීය අමෙරිකානු බලධාරියෙකු වගේ කොළඹ ඉඳල ගුවන් ගත වෙනකම් අධි ආරක්ෂාවක් යටතේ ආරක්ෂක රථ පෙළහැර මැද්දෙන් ගමන යන්න තිබුණු මනුස්සයෙක් නේද මේ? අන්තිමට යන්න වුණෙත් චිනයට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
