ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුව බලයට ගෙන ආ සියලු දෙනා ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
සමස්ත දේශපාලන සංස්කෘතියම වෙනස් විය යුතු බවත් එසේ නොවන තාක් ප්රශ්න සඳහා විසඳුම් නොලැබෙන බවත් ඔහු පැවැසීය.
ජනතාව මෙය තේරුම් ගත යුතු බවත් ඔහු පැවැසීය. ජනතාව මෙය වෙනස් නොකරන්නේ නම් ජනතාව දුක් විදීම අනිවාර්ය බවත් ඔහු පැවැසීය.
එසේම ජනතා අරගලයට සාධාරණය ලැබිය යුතු බවත් ජනතා අරගලයට ආශීර්වාදය ඇතිි බවත් ඔහු පැවැසීය.