හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව සිදුකළ පළමු ව්‍යාපෘතිය වන උඩහමුල්ල නැගනහිර ග්‍රාම නිලධාරී වසමේ ඇවිදින මං තීරුවේ රුපියල් ලක්ෂ තුන හමාරක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මාස හයක සිට එහි විදුලිය විසන්ධි කර ඇතැයි මහරගම නගර සභාවේ ( ස.ජ.බ )නාගරික මන්ත්‍රී රුවන් ජයසිංහ මහතා පැවසීය .
මහරගම නගර සභා බල සීමාවේ උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මාදිවෙල ඇඹුල්දෙනිය අතර ප්‍රදේශයේ මීට වසර දෙකහමාරකට පමණ පෙර මෙම ඇවිදින මංතීරුව ඉදිකර ඇති බව පැවසේ .
එහි විදුලි සැපයුම සදහා මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශය හා දෙල්ගහවත්ත ප්‍රදේශයේ ප්‍රවේශ මාර්ග වලට මුහුණලා අඩි 10 * 20 සෝලා පවර් පද්ධති දෙකක් සවි කර ඇතත් රුපියල් ලක්ෂ තුනහමාරක බිල් පතක් ලැබී ඇති බවත් එම බිල්පත නොගෙවීම හේතුවෙන් මීට මාස හයක පමණ සිට මෙහි විදුලි බලය විසන්ධි කර ඇති බවත් පැවසේ .
මේ අතර ඇවිදින මංතීරුවේ විදුලි බලය විසන්ධි කිරීමෙන් පසු මේ වනවිට ඇතැම් විදුලි කණුවල කොටස් සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවද පැවසේ .
එබැවින් වහාම මහරගම නගර සභාව මැදිහත්වී පහත්බිම් සංවර්ධන අධිකාරියට හා නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා මහජනතාව පත්ව ඇති අපහසුතාවෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස මන්ත්‍රී වරයා ඉල්ලා සිටී.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න


