ගෝඨාභය හා බිරිඳ ඇමෙරිකාවට යයි
ශ්රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන් දෙදෙනාගේ මිනිපිරිය මෙසෙ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය . කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්රියාත්මක නොවේ .
popular news
-
Demuni Uduwara Tuesday, 27 December 2022 03:15 PM
Does govt can give us a no-claim certificate of Gotabaya Rajapaksa ?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

