ගෝඨාභය රජයේ කිසිඳු තනතුරක් ගන්නේ නෑ - SF
අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි.
"සමස්ත ශ්‍රී ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.
ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිළිබදව අතිශයින් සංවේදී වෙමි.
ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි." යැයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
-
Lelwala Thursday, 12 May 2022 08:07 AM
It is better stay away from the politics.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

