හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් සිතන්නේ නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
යාපනයේ ඊයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයකට රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කළේ ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වන නිසාදැයි යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ මානව හිමිකම් සැසිය හා ඒ් අතර සම්බන්ධතාවක් නොමැති බවයි.
ඒසේම සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියලු පක්ෂවල සහාය ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් අවම වැඩපිළිවෙලක් සඳහා සියලු පාර්ශ්ව අවම වශයෙන් හෝ එක්විය යුතු බවත් ඔහු පැවැසීය.