ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීම සඳහා ඉල්ලිමක් ලැබි ඇති බවත් ඔහු දේශපාලන රැකවරණ පැතීමට අදහසක් නොමැති බවත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශයේ ප්‍රකාශක ටානී සන්ග්රාට් පැවසුවේ රාජපක්ෂ මහතාට දින 90ක් රැඳී සිටීමට හැකි වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයකින් ඇතුළුවීම සම්බන්ධයෙන් තායිලන්තයට කිසිදු ගැටලුවක් නොමැති බවත් බවයි.
කෙසේ වෙතත් රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ඔහු කටයුතු නොකළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ සිය දිවයිනෙන් පිටත්ව ගිය ගිය රාජපක්ෂ මහතා තාවකාලිකව මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටියි.