ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ රු. මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක් (රු. මිලියන 1,569,290/රුපිියල් බිලියන 1569ක්/රුපියල් ට්රිලිියන 1.5ක්) ක් මුදල් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් විනාශ කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතන් මුදල් අච්චු ගැසීමක දිගටම නිරතවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්යක්ෂ වරයාද වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඔහු නිකුත් කළ නිවේදනය..
මාර්තු 1 දින සිට මාර්තු 16 දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.66 කි. අද (මාර්තු 18) මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ඇත.
2020 ජනවාරි 1 සිට මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 1569.29 ක් හෙවත් රු. මිලියන 1,596,290 කි.
මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව ප්‍රකාශ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව මුදල රු. බිලියන 359.66 ක් අච්චු ගසා ඇත. ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රටතුල රුපියල් අර්බුදයක් ඇති කිරීමට මුලික හේතුව වූවේ රජයේ මැරතන් මුදල් අච්චු ගැසීමයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයකි.
ඒ සඳහා 1949 අංක 58 දරණ මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකවත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදුන්නේය. එසේ තිබිය දී, මහ බැංකුව අඛණ්ඩව මුදල් අච්චු ගැසීම ‘යන යකා කොරහත් බිඳගෙන යාමේ උත්සාහයකි.
කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට තුල භාණ්ඩ මිල ඉහළ යාම දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත.
කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට කෘෂි නිෂ්පාදන බිඳවැටීම හේතුවී ඇත.