ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් රටින් පිටත්ව යාමට ඉන්දියාව පහසුකම් සැලසූ බවට වාර්තා වන තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
"ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට දිවයිනෙන් පිටවීම සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පළවන පදනම් විරහිත සහ කාල්පනික මාධ්‍ය වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාව සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්රජාතන්ත්රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාමය රාමුව හරහා තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ප්රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට අවධාරණය කෙරේ." යැයි ඒම කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.