පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කර ඇත.
අදාල නියෝගය ෆැක්ස් මගින් ඔවුන් වෙත දන්වා යවන ලෙසද මහේස්ත්රාත් වරයා වැඩිදුරටත් දන්වා ඇත.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවකු ලෙස නම් කර ඇති නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. (IJ)