මේ වන විට සිංගප්පූරුවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපප්පූරුවේ සරණාගතභාවය හෝ රැකවරණය ඉල්ලා නොමැති බව සිංග්පූරු රජය ප්‍රකාශ කරයි.
එසේම ඔහු සිංගප්පූරුවට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවත් සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් සෞදි ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් රාත්‍රී 7.17ට සිංගප්පූරුවට ළඟා වී තිබේ.
"ඔහු සරණාගතභාවය ඉල්ලා නෑ ඔහුට කිසිදු රැකවරණයක් ලබා දෙන්නෙත් නෑ. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා දෙන්නේ නෑ" යැයි ප්‍රකාශකයා පැවසීය.
ජනපති සිංගප්පූරුව බලා ගෙන ගිය සෞදි ගුවන් සේවයේ ගුවන් යානය සිංගප්පූරුවේදී..
