හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් හිටපු ජනපතිවරයා ලබන සතියේදී ලංකාවට පැමිණීමට නියමිත බව මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.
ඒ් අනුව ඔහුට ශ්රී ලංකාවට ආරක්ෂිතව පැමිණිමට අදාළව කටයුතු සකස් කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී සඳහන් කළ බවටද තොරතුරු වාර්තා වෙයි.