ශ්‍රී ලංකාව දරුණුතම අර්බුදයකට පත්කර රටින් පිටව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මාලදිවයිනේ රැකවරණය හෝ සරණාගභාවය ලබානොදෙන ලෙස එරට ජනතාව මේ වන විට මාලදිවයිනේ රජයට බලකරමින් සිටින බව වාර්තා වෙයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ආරක්ෂක අංශවල ඉහළ ආරක්ෂාවක් යටතේ මාලේ නුවරින් රැගෙන යන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මේ වීඩියෝවට අදහස් දක්වමින් මාලදිවයිනේ ජනතාව ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එරට සරනාගතභාවය හෝ රැකවරණය ලබානොදෙන ලෙසයි.
මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකා ජනතාව සමග රැදී සිටින බවද ඔවුන් ප්‍රකාශ කරයි.