හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (16දා) නියම කළේය.
කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නැමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා හමුවේ කළ ප්‍රකාශය හැරෙන්න වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
ගමන් ගත් මෝටර් රථයට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි සිවලිංගම් ආරූරන් නමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්තිකරු ඉංජිනේරුවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු කරන ලද පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව තීන්දු කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී 2016 වසරේ කොල්ලුපිටිය පිත්තල හන්දියේ දී ඔහු ගමන් ගත් ගමන් ගත් මෝටර් රථයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබල වීම ඇතුළු චෝදනා පහක් යටතේ නීතිපතිවරයා ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
විත්තිකරු විසින් සහකාර පොලිස් අධිකාරිවරයකු හමුවේ කල පාපොච්චාරණය ඔහුට එරෙහිව සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර නඩුව ආරම්භයේ දී විත්තිකරු එය තමා ස්වෙච්ඡාවෙන් කළ ප්‍රකාශයක් නොවන බවට දැනුම් දීමෙන් පසුඑම ප්‍රකාශයේ ස්වේච්ඡා භාවය තීරණය කිරීම සඳහා වොයර් ඩයර අතුරු සාක්කි විභාගයක් පවත්වන ලදී.
එම අතුරු සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු කල පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කර ස්වේච්ඡාවෙන් කරන ලද එකක් නොවන බව මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළ අතර ඔහුට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන යන්නේ දැයි යන්නේදැයි දැනුම් දීම සඳහා මෙම මෙම නඩුව ඊයේ කැඳවන ලදී.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා අධිකරණය අමතමින් විත්තිකරුට එරෙහිව වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේ ය.
සිවලිංගම් ආරූරන් මහතා සමගම මේ නඩුවේ චෝදනා එල්ල වී සිටීන පොන්නසාමි කාර්තිගේසු සිවාජි නමැත්තාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා එය කොළඹ මහධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වෙත යොමු කරේමටද විනිසුරු මාරසිංහ මහතා වැඩිදුරටත් නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ වි තවරාසා මහතා අධිකරණය අමතමි අමතමින් මෙම සිද්ධියට අදාළව වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි තම සේවාදායකයා ග්රන්ථ කිහිපයක්ම රචනා කළ ග්රන්ථ කතුවරයකු බව අධිකරණය හමුවේ පැවසීය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධර්මරාජා ධර්මජා මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ කේ වි තවරාසා මහතාපෙනී සිටියහ.