හිටපු ජනපතිවරයෙකු අවශ්‍ය සුදුසු පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විට පිළියෙළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව නුදුරු දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයෙ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් විදසින් අසල ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු හේ බව පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගියේ සුන්දර පරිසරයක් යටතේ නොවන බවද ඔහු පැවැසීය. ඒ අනුව ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම කළ යුතු බවද කාරියවසම් මහතා පැවැසීය.