කොළඹ පැවැත්වෙන විරෝධතාවට එරෙහිව කරුණු ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළත් අනෙකුත් මාධ්‍ය තුළත් පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව ගලදාරී හෝටල් කළමණාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් හෝටලයට යම් බාධාවක් ඇතිව තිබේදැයි යන්න පිළිබඳව පොලීසිය විමසා සිටි අවස්ථාවේදි හෝටලය විසින් ප්‍රකාශ කළේ පසුගිය 29 දා හෝටලය ඉදිරිපිට මාර්ගය වසා දැමීම හා පොලිස් මාර්ග බාධක යෙදීම හේතුවෙන් අපහසුතාවක් ඇතිවූ බව යැයි එම නිවේදනයේ සඳහන් වෙයි.
ගෝඨාගෝගම ඉවත් කරන ලෙස හෝ එය විවේදනය කරමින් කිසිම අවස්ථාවක හෝටලය විසින් ප්‍රකාශ කර නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.
1984 වසරේදී හෝටලය ස්ථාපති කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාව මහ ජනතාව වෙනුවෙන් සිටගත් බවත් ඉදිරියේද කිසිම කොන්දේසියකින් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් එවුන් වැඩිදුරටතු පවසයි.