කොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වාගෙන අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දැක තිබේ.
එහි සභාපති සාලිය පිරිස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ පිළිබඳව තම සංගමයේ අවධානය යොමුව ඇති බවත් නීතිඥවරයෙක්, ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඇතුළුව පුද්ගලයන් කිහිපදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිවිල් ජනතාව ඉල්කක කර සන්නද්ධ හමුදා කරන නීතිවිරෝධී ක්‍රියාමාර්ග නවත්වන ලෙසත් මේ සඳහා එක්වූ සියලු පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.