ගෝඨාගේ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ රටේ ඒකීයභාවය ගැන නැහැ - පාඨලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප්‍රතිපත්ති ප්රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපි රණවිරුවන් සිරගත කරනවා එල්.ටී.ටී. සාමාජිකයින් නිදහස් කරනවා කියලා භීතියක් ඇති කරමින් තිබුණා. විවිධ හේතු මත හමුදා සාමාජිකයින් 48 දෙනෙකු අපගේ අත්අඩංගුවේ සිටිනවා. ඉන් 7 දෙනෙක් අද රිමාන්ඩ් භාරයේ ඉන්නේ. අනෙක් සියලූ දෙනා ඇප ලබා නිදහස් වෙලා අවසන්.
ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය බලන්න, ආයුධ සමග භාර වූ එල්.ටී.ටී.ඊ සමාජිකයින් 13,784ක් නිදහස් කළා කියනවා. දැන් එල්.ටී.ටී.ඊ සමාජිකයින් 66 ක් අත් අඩංගුවේ ඉන්නේ. ඔවුන් දහතුන් දහසක් නිදහස් කළා කියලා ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබෙනවා. යුධ සමයේ විවිධ චෝදනා වලට ලක්වූ හමුදා සමාජිකයින් නිදහස් කරන්න අපි පියවර ගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. යුධ සමයේ නොයෙක් ප්රචණ්ඩ ක්‍රියා කළ පුද්ගලික වැඩ කළ හමුදා නිලධාරීන් නිදහස් කරන්න මොකුත් කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා.
යුද්ධය සම්බන්ධයෙන් දඬුවම් විදින හමුදා සාමාජිකයින් මෙන්ම, එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද නිදහස් පුරවැසියන් කරනවා කියා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ දැන් අත්අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදහස් කරනවා කියලා රාම් නගුලන් කොටි නායකයින් ඇතුළු දහතුන් දහසක් නිදහස් කර තිබෙනවා. ඔවුන්ට හමුදාවේ බුද්ධි අංශ මගින් පඩි ගෙවනු ලැබුවා. සුනිල් රත්නායක ඇතුළු හමුදාවේ පිරිස අත්අඩංගුවට ගත්තේ රාජපක්ෂ පාලන සමයේ ඔවුන් නිදහස් කරන්න කටයුතු කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. දැන් කියනවා ඔවුන් නිදහස් කරනවා කියලා. මෙතරම් කාලයක් රූපවාහිනී නාලිකා දෙක තුනක් තබාගෙන රටේ ජනතාව බියවද්දමින් කටයුතු කළා. දැන් ඒ සිදුකරමින් ගිය බොරුවත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළි වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා දස වැදෑරුම් ප්‍රතිපත්තියක් ගැන සඳහන් කරනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රට බිය වද්දමින් ගියා. අපේ රජය මගින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැදුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයත් සම්බන්ධකරගෙන. ඉන් රට බෙදන්න යනවා. ඒකීයභාවය නැතිවෙන්න යනවා කියලා කතා පැතිරුවා. බුද්ධ ශාසනයට තිබෙන තැන නැති වෙනවා කියලා කතා පැතිරුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ රටේ ඒකීයභාවය ගැන අකුරක් නැහැ. නව වෙනි පිටුවේ ජාතික සමගිය යන මාතෘකාව යටතේ ඉතා කුඩාවට ඒකීය රාජ්‍ය හා බුද්ධාගම ගැන සඳහන් කරනවා. මෙය දස වැදෑරුම් ප්‍රතිපත්තියේ අංක 1 ලෙස සඳහන් විය යුත්තක්. නමුත් ඒ ප්‍රමුඛතාවය ලබාදී නැහැ. මේ දේවල් වලින් පෙනෙන්නේ කුමන දෙයක් කීවත්, මොවුන්ගේ ප්‍රතිපත්ති තුළ මේ කිසිම දෙයක් නැහැ කියන එක.
මේ රටට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් රටේ ඒකීයභාවයට හෝ සම්බුද්ධ ශාසනයට ලබාදී ඇති ප්‍රමුඛතාවය හා සෙසු ආගම්වලට ලබා දී ඇති සමානතාවය ඉස්පිල්ලකින් පාපිල්ලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Sunday, 27 October 2019 08:49 PM
ගෝඨාභයගේ ප්‍රතිපත්ති කියල ජාතියක් නැහැ. මේවා බැසිල්ගේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති. බැසිල් දැනටම කියල ඉවරයි බලය තවදුරටත් විමධ්‍යගත කරනවා කියල. දැන් හිරේ ඉන්න හමුදා නිලධාරියෝ හා සමාන කරලා කොටි ත්රස්තවාදින්වත්. LTTE කාරයෝ නිදහස් කරන එකට 2015 ඉඳන් මුළු රටම විරුද්ධව ඉන්නේ. දැන් පේන විදහට පොහොට්ටුව කොටි ඩියස්පෝරාවත් එක්කත් deal දාල. යූඑන්පී එකෙයි පොහොට්ටුවෙයි දෙකේම කිසි වෙනසක් නැහැ. දෙකම බලය වෙනුවෙන් රටයි ජාතියයි බුද්ධාගමයි පාවල දෙනවා.
Reply : 0 1
gamini Abheyadeera Monday, 28 October 2019 04:10 AM
පාඨලී චම්පික ජාතිය ආගම ඔහුගේ වාසියට පාවාදුන්නා. ජාතික හෙළ උරුමයට දැන් කිසිම චන්ද පදනමක් නැ.මේ මැතිවරණයෙන් අනන්ත පරාජයක් හිමි වෙනවා
Reply : 16 0
සේනාධීර Monday, 28 October 2019 11:10 AM
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තුන්වන කොටසේ සුරක්ෂිත රටක් යන්නෙහි මෙසේ සඳහන් වේ. "ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන අතර ඊට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙකුට හෝ ඉඩ තබන්නේ නැත" මීට වඩා යමක් පැවසිය යුතුද?. පාඨලීගේ මෙවන් ප්‍රකාශ ඔහුට නොගැලපේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

