ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණාත්මක මෙන්ම පැහැදිලි දැක්මක් සහිත පුද්ගලයෙක් බවත් පෙන්වා දෙන ස්වාමි මහතා ඔහු පත්වීම ඉන්දියාවට හොඳ බවත් සඳහන් කරයි.