ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට භූමිතෙල් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
මේ පිළිබදවවැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ලංකාවේ ගොවීන් හා ධීවරයන් තමන්ගේ ආර්ථික කටයුතු හා සිය රැකියාව යහපත්ව කරගෙනයාමට භූමිතෙල් නොලැබීම බාධාවක් වී ඇත. මෙම ප්‍රශ්ණයට විසදුම් ලබා දීම වෙනුවෙන් ඉන්දියාවේ සිට 210 ලීටර් අඩංගු භූමිතෙල් 1500ක් එකවර ආනයනය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව පැවසීය.
එමෙන්ම මෙම භූමිතෙල් නැව් මාර්ගයෙන් රැගෙනයාම පිළිබදව සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ආරක්ෂක ලේකම් සමග දුරකථනය හරහා කතාකළ බවත්, ඒ සදහා යහපත් ප්‍රථිචාරයක් ලැබී ඇති බවත්,එම නිසා මෙම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වන බව තමාගේ විශ්වාසය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.