ගොවිපලට යන්න සිටි ගවයින් මස් කඩයට දැක්කුවාද ?
අයාලේ යන ගවයින් අල්ලා නැගෙනහිර පළාතේ ගොවිපලවල් වෙත ලබාදීමේ වැඩසටහන යටතේ වස්කඩුව ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක කොටුකර සිටී ගවයින් දහතුන් දෙනෙකු අද (28දා) අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
වස්කඩුව , වාඩියවත්ත ක්‍රීඩාපිටියේ කොටුකර සිටී ගවයින් මෙසේ අතුරුදහන්ව ඇතැයි සදහන් වේ.
කළුතර සහ පානදුර ප්‍රදේශයේ අයාලේ යන ගවයින් පසුගිය දිනවල දුම්රිය මාර්ගයේ මෙන්ම ගාලුපාරේද විශාල වශයෙන් අනතුරු වලට ලක්ව තිබු අතර, ඒ අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලද සහාය ඇතිව එම සතුන් නැගෙනහිර පළාතේ ගොවිපල් වෙත රැගෙන ගොස් භාරදීමට කොටුකර සිටීයදී මෙසේ අතුරුදහන්ව ඇත.
රාත්‍රි කාලයේ එම සතුන් මස් පිණිස සොරකම් කීරීමේ ජාවාරමක්ද මහා පරිමාණයෙන් ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබු බැවින් කිසියම් පිරිසක් විසින් අලුයම් කාලයේ රැගෙන ගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සැකපල කරති.
මේ පිළිබඳ අදහස් දැක්වූ කළුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී. ජයසිරි මහතා සදහන් කලේ එම සතුන් සොයා කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයින් යොදවා ඇති බවයි.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

popular news
-
එව්.අයි. ඒකනායක Wednesday, 28 December 2022 12:46 PM
හොරුන්ගෙ අම්මලා නැතිවූ හරක් හොයන්නෙ යොදවා ඇතැයි උප සභාපති පවසා තිබේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

