දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක්ව තිබේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා පෙන්වා දී තිබේ.