ගොනා කෝවිලේ රාජාගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් "ගොනා කෝවිලේ රාජා" ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග (06) දා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව නීලම්මහර , ගල්වල පාර ප්‍රදේශයේදී 39 හැවිරිදි සැකකරු, අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ 4ක් සහ රුපියල් 60,000 ක මුදලක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී පතිරණගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ගොනාකෝවිලේ රාජා ඉකුත් ජුනි මස 6 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ මිය යාමෙන් පසුව ජාවාරම් ඉදිරියට ගෙනයන ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු බවට සැකකරු හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක ය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

