සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට හිඟ ණය සහ පොලී මුදල් වශයෙන් රුපියල් විසි අට කෝටි හැත්තෑ හත් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැට තුනක මුදලක් ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විමසීමක දී ජූලි මස තිස් වැනි දින විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එක් රාජ්‍ය බැංකුවකින් රු. මිලියන 150ක ණය මුදලක් හා අනෙක් රාජ්‍ය බැංකුවකින් රු. මිලියන 500ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපයක් මත ලබා ගෙන තිබුණි.
මෙකී ණය මුදල ණය ලබා ගැනීමේ අරමුදලට පටහැනිව සමාගමේ පඩි නඩි ගෙවීම සේවක ප්‍රසාද දීමනා ගෙවීම සේවක අර්ථ සාධක භාරකාර ණය මුදල් ගෙවීම, ණය පොලී සහ අයිරා පියවීම, ස්ථාවර වත්කම් මිලදී ගැනීම වෙනුවෙන් වැය කර තිබූ බවට විගණනය මගින් අනාවරණය කර ඇත.
මෙකී රාජ්‍ය බැංකු දෙක මගින් ලබා ගත් ණය මුදල නියමිත පරිදි පියවීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අවුරුදු 2ක් තිස්සේ නොහැකි වී තිබුණි.
සංස්ථාව විසින් මින් එක් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු හිඟ ණය සහ පොලී මුදල රු. දහ අට කෝටි පනස් තුන් ලක්ෂ තිස් හය දහස් හයසීය අසූවකි. මෙකී රාජ්‍ය බැංකුවට ගෙවිය යුතු දඩ මුදල රු. එක්කෝටි හතළිස් හතර ලක්ෂ හැට තුන් දහස් හයසීය පනස් අටක්බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන් ම අනෙක් රාජ්‍ය බැංකුවට අවුරුදු 02 ක් සඳහා ගෙවිය යුතු හිග ණය සහ පොලී මුදල රු. දස කෝටි විසි හතර ලක්ෂ අට දහස් දෙසීය අසූ තුනක් බවද විගණන නිලධාරියා අනාවරණය කළේය.
චන්දන සමරවික්‍රම