රත්නපුර ගොඩකවෙල දිසා රෝහලේ වසරකට වැඩි කාලයක සිට x-ray යන්ත්‍රයක් සහ විශාල විදුලිජනක යන්ත්‍රයක් විනාශයට පත්විම හෙතුවෙන් රෝහලෙන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙන රෝගින් දැඩි අපහසුතාවයකට පත්වන බව රෝගීන් සහ ප්‍රදේශයේ ජනතාව කියති.
ගොඩකවෙල,බිබිලේගම,කොස්නාතොට,පින්නකන්ද,බලවින්න,මල්වත්ත,මස්ඉඹුල,ගලහිටිය,වේරහැර,වරායාය,වැල්කෙනියාය,කොම්පිටිය සහ අල්පිටිය ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙම රෝහලේන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙති.
මෙම රෝහලේ විශාල විදුලිජනක යනත්‍රයක් තිබුණත් එය සවි කල දින සිට ක්‍රියා විරහිතව පවති. එම හෙතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සහ බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගීන් ද වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමංඩලයද දැඩි අපහසුතාවයට ලක්ව සිටි.
ඇතැම් අවස්ථාවල විදුලි පන්දම් සහ ජංගම දුරකථන භාවිතා කර රෝගීන්ගේ සේවාවන් කිරිම සිදු කරයි. මෙම රෝහලේ ඇති අතර පිරිමි,ගැහැණු, ළමා සහ ගර්භණි වාට්ටු සංකිර්ණ හතරක් තිබේ. දිනකට නේවාසික ප්‍රතිකාර රෝගීන් පනහක් පමණ සිටි.
බාහිර රෝගී අංශයෙන් දිනකට ප්‍රතිකාර ගැනිම සදහා 500කට අසන්න පිරිසක් පැමිණෙන අතර විශේඥ වෛද්‍ය සේවාවන් ඇතුළු විවිධ සායන ගණනාවක් පවති. කුඩා විදුලිජනක යන්ත්‍රයක් පැවැතියත් එයද සක්‍රියව පවතින අවශ්ථාවලට වඩා අක්‍රියව පවතින අවශ්ථා වැඩි බව ජනතාව කියති. එම කුඩා විදුජනක යන්ත්‍රය සදහා මෑතක සිට ඉන්ධන ලබා දිම ගොඩකවෙල නගරයේ ව්‍යාපාරිකයින් විසින් ලබාදිම සිදු කරයි.
ඩබ්.ඒ. පියතිලක



