තඹුත්තේගමදී ගේට්ටුවකට යටවී කුඩා දැරියක මියගොස් ඇති බව පොලීසිය පවසයි. අවුරුදු 06ක් වන දැරියක් මෙසේ මියගොස් තිබේ.
දැරිය ඇයගේ මව සමග ගුරුවරයෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී නිවසේ ප්රධාන ගේට්ටුව විවෘත කිරීමට යාමේදී ගේට්ටුව දැරියගේ ඇඟ මතට කඩා වැටි තිබේ.
අනතුරින් බරපතල කුවාල ලැබූ දැරිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.