කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්රදේශයක් වන බගවන්තලාව ප්රදේශයට (08) දින පස්වරුවේ අධික වැසි පතිත විය.
පැවති අධික වර්ෂාවත් සමග බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව චැපල්ටන් වත්ත පහළ කොටසේ පහත් බිම්වල තිබූ නිවාස 06ක් ජලයෙන් යට විය.
වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වීම නිසා වැසි ජලය නිවාස වලට කාන්දු වූ බවයි වතු කම්කරුවන් කියා සිටියේ.



