ගෙවතු වගා සංග්රාමය අරලියගහ මැදුරෙන් ඇරඹේ
“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29දා) අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්රයේ දී කොස් පැලයක් රෝපණය කළේය.
පෙරවරු 9.18 යෙදුණ සුභ මොහොතින් හිරෝසා ප්රබේදයට අයත් කොස් පැලයක් මෙසේ අග්රාමාත්යතුමා විසින් මෙහිදී රෝපණය කරන ලදි.
වස විසෙන් තොර පෝෂණයෙන් පිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග සිය ගෙවත්තෙන්ම සපයා ගැනීමට සැලසීමත් ඒ තුළින් නිරෝගී හා ස්වයංපෝෂිත පවුල් ඒකකයක් බිහිකිරීමේ අරමුණ ඇතිව “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්රාමය ක්රියාත්මක වේ.
මෙම ජාතික වැඩසටහන අනුව යමින් අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා දේශීය සැපතිල්ලා පැලයක් සහ අග්රාමාත්ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා බිබිලේ ස්වීට් ප්රබේදයට අයත් දොඩම් පැලයක් අරලියගහ මන්දිර පරිශ්රයේ රෝපණය කළහ.
මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත.
ඒ අනුව අද පටන් සතියක කාලයක් පුරා සෑම ග්රාම නිලධාරී වසමකම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල රෝපිත එළවළු පැල වර්ග එම වසම්වල ප්රතිලාභීන් වෙත බෙදා හැරීමට ද නියමිතය.


popular news
-
Kumar Tuesday, 29 March 2022 04:32 PM
dawalamadirayeth obamage nona elevaluwarga wawa. trump booruwa ewa vinashakalaa. lankawe wage subamohothakin patangaththe naha. Lankawe saama deyama kranne nakathwalata enamuth kisima diyunuwak naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

