තිරසර ගෙවතු වගා වැඩසටහන යටතේ කුරුණැගල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 45.76 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණද ඉන් රුපියල් මිලියන 29.13ක මුදලක් හෙවත් සියයට 64ක් උපයෝජනය නොකර ආපසු යවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
තිරසර ගෙවතු වගා වැඩසටහන සදහා කුරුණැගල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 45.76ක මුදලක් වෙන්කොට තිබුණද ඉන් රුපියල් මිලියන 16.63 ක මුදලක් බිජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් වියදම්කොට තිබුණි. කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉලක්කගත ගෙවතු සංඛ්‍යාව 21,200කි. ඉකුත් වර්ෂයේ (2024) දෙසැම්බර් මස 31 දිනට ගෙවතු පිහිටුවිම සදහා බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාදුන් ගෙවතු සංඛ්‍යාව 6,229කි. ගෙවතු පිහිටුවිමේ ප්‍රගතිය සියයට 30ක් වැනි ඉතා පහළ මට්ටමක පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ගෙවතු නිවරදිව හදුනා ගැනිම,නඩත්තු කිරිම හා ගෙවත්ත සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්දයෙන් නිරන්තර පසුවිපරම් කිරිම ,වගාකටයුතු අඩාලවිම වැලැක්විම සදහා ගතයුතු සියලු පිරිවර අධික්ෂණ නිලධාරින් විසින් ගතයුතුවේ. එහෙත් ඒ අනුව කටයුතු නොකිරිම හේතුවෙන් මෙකි වැඩසටහන සදහා දරණු ලැබු රුපියල් මිලියන 16.63ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ප්රතිපාදනයන් අපේක්ෂිත ඉලක්කයන් සපුරාගැනිමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්දයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට පිළිතුරු සපයා නැත. ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ජේ.කේ.එල්. චාමින්ද