මස්කෙළිය පොලිස් වසමට අයත්, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, මැද වත්ත කොටසේ පිහිටි කතෝලික දේවස්ථානයක ගෙපළක් කපමින් සිටි එම දේවස්ථානයේ භාරකරු (30) දා මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
පස් කන්දට යටවී බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෙත (30) දා ප.ව. 05.30 ට පමණ ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාජේන්ද්‍රන් ගෝබිනාත් නැමති (41) හැවිරිදි එක් දරු පියෙකි. මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
