ගෙන්වන වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ
රජයට ගෙන්විමට නියමිත වාහන 1775න් මන්ත්‍රීවරු 225ටම වාහන නොලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට ඵලදායි ක්‍රමවේදයක් අවශ්‍යයි. පළමු කරුණ ලෙස පුරප්පාඩු 75000ක් බඳවා ගන්නවා. රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වැටුපක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඊඟළට රාජ්‍ය සේවය ඩිජිටල් කරනවා.ක්‍රියාවලියක් යන අතරේ තමයි මේ මොහොතේ රාජ්‍ය සේවයට වාහන 1775ක් ගන්න යන්නේ. රාජ්‍ය සේවයට හා පළාත් පාලන ආයතනවලටත් මේ වාහන දෙනවා.
මේ වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ. දැනට රජයෙන් වාහනයක් ලබා දීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, විපක්ෂනායකතුමාට විපක්ෂ ප්‍රධාන සංවිධායක තුමාට වාහන දෙන්නේ නෑ.පර්මිට් ලබාදිමෙන් රජයට අහිමි වන බදු ආදායම විශාලයි. බහුතරයක් පර්මිට් වික්කා. අන්තිමට පර්මිට් වික්කේ ලක්ෂ 250යි 300යි.
සමහර මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ ඉන්නේ අවුරුද්දයි. අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා පර්මිට් ගන්න. සමහර මන්ත්‍රීවරු පර්මිට් විකුණලා ගෙවල් අරන් ඉතිරි මුදල් බැංකුවේ දාලා රජයෙන් හෝ අමාත්‍යාංශයෙන් වාහන දෙනවා. ඒක සාධාරණීකරණය කරන්න තනතුරක් දෙනවා. මේක නතර කරන්න ඔ්නද නැත්ද? පර්මිට් ඒක දීලා වාහන ගත්තත් නැතත් ඉන්ධන දීමනාව දෙනවා. ටයර් ටික දාගන්න අඩු පොලියට ණයක් දෙනවා. මෙහෙමයි තිබුණේ. මේක තමයි වෙනස්කරන්නේ. පර්මිට් අරන් විකුණන මන්ත්‍රිවරයාගේ ගුණ්ඩුවට අහු වෙන්න ඒපා.
රජයෙන් වාහන දීලා ඉතිරිවන මුදල අති විශාලයි. මේවා රජයෙන් නඩත්තු කළත් පාඩු නෑ. අද පර්මිට් වික්කොත් ලක්ෂ 500ට
විකුණයි. ටෙන්ඩරය ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සිදුකර තිබෙනවා. කාටහරි ප්‍රශ්නයක් තියෙනවානම් කරන්න
තියෙන්නේ අධිකරණ කටයුතුවලට යාමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

