දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ජනතාවට නිවසේ සිට හෝ ව්‍යාපාරික ස්ථානයේ සිට මහ නගර සභාවෙන් සිදුකර ගත යුතු සේවාවන් රැසක් සිදුකිරීම සඳහා ඩිජිටල් කිව් ආර් කේතයක් හඳුන්වා දීම 18 දින කෙරිණි
දඹුල්ල නගරාධිපති වසන්ත කේ රාජමන්ත්රී මහතාගේ හා මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව නව ක්‍රමවේදය හඳුන්වා දී තිබෙ. මෙය ජනතාවට හඳුන්වාදීම පළාත් පාලන සතිය මුල්කරගෙන ක්‍රියාත්මක වූ අතර වෙළඳ මධ්යස්ථානසහ ආරක්ෂිත ස්ථානවල නව කිව්.ආර්.කේතය ලබාගෙන ජනතාවට බාගත කර ගැනීමට හැකිවන පරිදි ප්‍රදර්ශනය කිරීම සිදුකෙරිණි.
නව ඩිජිටල් කේතය මගින් වරිපනම් ගෙවීම සේවා ස්ථාන ලියාපදිංචි කිරීම සහ නගර සභාවෙන් ජනතාවට ඉටු විය යුතු සේවාවන් රැසක් තම ජංගම දුරකථනය හරහා ඉටු කර ගැනීමට හැකියාව තිබෙන බව එමගින් තම නාගරික වැසියන් ගේ කාලය ශ්‍රමය ඉතිරිකිරීම සිදුවන බවද වර්තමාන රජයේ ගෙන යන ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහනේ ප්‍රමුඛතම කාරණය වන්නේ ඩිජිටල් කරනය බවත් ඒ සඳහා දඹුල්ල නගර සභාවේ දායකත්වය උපරිම ලබාදීම තම අරමුණ බව නගරාධිපති වසන්තකේ රාජ මන්ත්‍රී මහතා සඳහන් කළේය'
කේතය හඳුන්වා දෙන අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති සුසන්ත බටගොඩ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් දීපාණී අලහකෝන් මහත්මිය ඇතුළු සේවක සේවිකාවෝ ද එක්ව සිටියහ.
