මොරගොඩ පිහිටි ගුවන් හමුදා ගුවන්හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (11දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හේරත් නිවස, තුඹුල්ලේගම, මැඩියාව, මහව ලිපිනයේ පදිංචිව සිටි ගමරාළලාගේ ප්රියන්ත කුමාර නමැති වයස අවුරුදු 37 ක ගුවන් හමුදා සෙබළකු බව පොලීසිය කියයි.
මෙම සෙබලා මොරවැව පිහිටි ගුවන් හමුදා කඳවුරක පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර කවරක්කුලම පොලිස් වසමේ මල්බෙරිවත්ත වත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.