ගුවන් හමුදා නිලධාරියා දුම්රියට බිලි
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී ගුවන් හමුදා නිලධාරියකු දුම්රියක ගැටීමෙන් ඊයේ 15 සවස මියගිය බව බම්බලපිටිය පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මණ්ඩාවල ඉහළ ලුණුගම පදිංචිව සිටි, මාරවිල රාළලාගේ සමීර පියදර්ශන බණ්ඩාර නමැති (36) හැවිරිදි අයෙකි.
මියගිය අය බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වැල්ලවත්ත දෙසට පිහිටි දුම්රිය පදික වේදිකාව අවසාන වෙන ස්ථානයේදී බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
බරපතල තුවාල ලද නිලධාරියාව බම්බලපිටිය පොලිසියේ ජංගම පොලිස් සංචාරක ජීප් රථයෙන් රැගෙන ගොස් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අනතුරින් මියගිය එම නිලධාරියා යම් ශාරීරික අවශ්‍යතාවයක් සිදු කිරීමට ගොස් යළි දුම්රිය මාර්ගය හරහා පැමිණීමේදී මෙම මාරක අනතුරට වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

