ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා යැයි පවසන හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පළකරන ලද ප්‍රවෘත්තියක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.