ගුවන් සේවා දෙකක් යළි කටුනායකට මෙහෙයුම් අරඹයි
ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් 02/19 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුල යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙයින් පළමු ගුවන් යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට 02/18 දින උදෑසන 8.55 ට සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානය ගුවන් මගීන් 75 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය 02/18 දින උදෑසන 9.50 ට ගුවන් මගීන් 28 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළිත් ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව ගොස් තිබුණි.
එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයා ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 6005 දරන භාණ්ඩ ප්රවාහන ගුවන් යානය ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන ඊයේ රාත්රී 10.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

