ගුවන් සමාගම් 7ක් සතියකට ගුවන් ගමන්වාර 56ක් අඩුකරයි
ඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ.
ගුවන් සමාගම් 5ක් ගුවන් ගමන්වාර සංඛාව අඩුකර ඇති අතර ගුවන් සමාගම් 02ක් මෙරටට පැමිණීම පවා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
එමිරේට්ම්, කටාර් එයාවේස්, එටිහැඩ්, ඕමාන්, එයාර් ඉන්දියා යන ගුවන් සමාගම් මෙරටට පැමිණි ගුවන් ගමන් වාර ගණන අඩුකර ඇති අතර සෞදි එයාර් සහ කුවේට් එයාර්වේස් යන ගුවන් සමාගම් දෙක මෙරටට පැමිණීම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.
එමිරේට්ස් ගුවන් සමාගම් මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 26ක් සිදුකර ඇති අතර ඔවුන් මේ වන විට එය 14ක් දක්වා අඩුකර තිබේ. කටාර් එයාර්වේස් මීට පෙර සතියකට ගුවන් ගමන් වාර 35ක් සිදුකර ඇති අතර මේ වන විට 31ක් දක්වා අඩුකර තිබේ.
එටිහඩ් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 14ක් සිදුකර ඇති අතර මේ වන විට එය 06ක් දක්වා අඩුකර තිබේ.
ඕමාන් ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන් වාර 11ක් සිදුකර ඇති අතර මේ වන විට එය 07ක් දක්වා අඩුකර තිබේ. එයාර් ඉන්දියා ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන් වාර 09ක් සිදුකර ඇති අතර දුර්වල ඉල්ලුම හේතුවෙන් එය 04ක් දක්වා අඩුකර තිබේ.
එමෙන්ම සතියකට ගුවන් ගමන් 07ක් සිදුකළ සෞදි එයාර් හා සතියකට ගුවන් ගමන් 04ක් සිදුකළ කුවෙට් එයාර්වේස් මෙරටට ගුවන් ගමන් සිදුකිරීම අහ්තිහිටුවා තිබේ.
තවද මාලදිවයින්, කොරියන්, සලාම් එයාර්වේස්, තායි ස්මයිල්, විස්තාරා, චයිනා සදර්න්, ස්විස් ඉන්ටර්නැෂනල් යන සමාගම් රටේ තතත්වය යහපත් වන තෙක් මෙරට සමග සිය මෙහෙයුම් සිදුකිරීම සීමා කර ඇති බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

