කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ යොමු කිරීමට ගුවන් සේවා සමාගම් යොමු වෙමින් පවතින තත්වයක් උදා වෙමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
දැනටමත් ඉන්දියාව ඔස්සේ ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා චෙන්නායි සහ අනෙකුත් ඉන්දීය ගුවන් තොටුපළ වෙතින් තම ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ලබා ගනිමින් ක්‍රියාත්මක වන බව එම ගුවන් සේවයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
මේ පිළිබඳව මීට කළකට පෙර සිටම ඉන්දියාව සමග සාකච්ඡා කර තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
ඉන්දියාවේ චෙන්නායි හෝ නවදිල්ලි වෙත ගුවන් ගන්නා ගුවන් යානා ආපසු පැමිණීමේ දී , එම යානා වලට අවශ්‍ය ඉන්ධන එම ගුවන් තොටුපළ වලින් ලබා ගෙන පැමිණීමට කටයුතු කරන බව ද එම නිලධාරීවරයා සදහන් කළේය .
එමෙන්ම ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වලින් ද මේ ආකාරයට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරමින් සිටින බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .