කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් ජපාන තයිසේ සමාගම ඉවත්වීම වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව නික්කෙයි පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරිම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 464ක සහනදායි ණයක් වෙනුවෙන් ගිවිසුමු ගත තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අදාළ ණය ලබාදීම අත්හිටුවීමට ජයිකා ආයතනය තීරණය කිරීමත් සමග ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම ගැටලුවක් බවට පත්ව තිබේ.
මේ අනුව මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට තයිසේ ආයතනය බලාපොරොත්තු වෙයි.
මෙම ව්‍යාපෘතිය 2023 දී පමණ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණි.
අරමුදල් තත්ත්වය සහ අනෙකුත් සාධක වැඩිදියුණු නොවන්නේ නම් ආරම්භයේදීම එහි කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට තයිසේ ආයතනය සූදානම් වෙයි.