ගුවන්තොටුපොළ අලුත් වෘත්තී සමිතයේ 28ක් ගෙදර යවයි
කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .
මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .
ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපි වල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර තිබේ .
එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම් වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබේ .
එසේම මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන් තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සදහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දීමට ද දැනුම් දී තිබේ .
එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
