බෝගම්බර ක්රීඩා පිටිය අසල පිහිටි හන්තාන සිසිල කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගුටිබැට ඇන ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා අතර ඇතිවූ බව කියන බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති අතර සුළු තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව ඉහළ නිලධාරියකු පැවසීය.