ගාලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ අයෙක් ඌරගහදී ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ගීතා කුමාරසිංහ මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. බෙන්තර සිය නිවසේ සිටියදී සැකකරු තමන්ට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ බව සඳහන් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය පොලීසියට පැමිණිලි කර තිබේ.
ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් නොකළ බව කියමින් සැකකරු මෙසේ මන්ත්රීවරියගේ නිවසට ගොස් බැන තර්ජනය කර ඇති බව පොලසිය කියයි.
මහජන නියෝජිතයෙකුට ප්රසිද්ධියේ අපහාව වන අයුරින් බන තර්ජනය කිරීමේ චෝදනා යටත් සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත