සුපිරි ඩීසල් නොමැතිවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක ගිලන්රථ ගරාජයන් තුල ගාල් කර තැබීමට සිදුවී ඇති බව එම රෝහල් බලධාරීන් පවසයි.
රජයේ රෝහල් සඳහා ලබාදී ඇති නවීන ගිලන්රථ වලට සුපිරි ඩීසල් පමණක් භාවිතා කිරීමට නියමිත අතර පසුගිය කාලයේ රෝහල් රැසකට එම නවීන ගිලන්රථ ලබාදී විශේෂයෙන් ප්‍රාදේශීය රෝහල් වල රෝගීන්ට ඉහල සේවයක් සැලසීම ඒ මගින් සිදුවිය.
එහෙත් මේ වන විට රටපුරා පවතින ඉන්ධන හිඟයත් සමග විශේෂයෙන් ඩීසල් හිඟවීමත් සමග ඩීසල් වාහන හිමියන්ට මුහුණ පෑමට සිදුවී ඇති අවාසනාවන්ත තත්වයට රජයේ වාහන වලටද මුහුණ දීමට සිදුවී ඇත.ඒ අතර සුපිරි ඩීසල් හිඟය සාමාන්‍ය ඩීසල් වලට වඩා වැඩි වී ඇත.
මේ නිසා කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් රැසක ගිලන් රථ සුපිරි ඩීසල් ඉන්ධන නොමැතිව ධාවනය කිරීමට නොහැකිව ගාල් කර ඇති බවත් ,සුපිරි ඩීසල් හිඟය අවසන් වන තෙක් එම ගිලන්රථ රෝහල්වල ගාල් කර තබා ඇති බවත්, එම රෝහල් වලට අවශ්‍යතාවයක් ඇතිවූ අවස්ථාවල අනෙකුත් රෝහල්වල ඇති සාමාන්‍ය ඩීසල් භාවිතාකරන ගිලන්රථ යෙදවීමට කටයුතු කරන බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මතුගම බන්දු තඹවිට
